ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය නිමිති කර ගනිමින් ජනාධිපති මාධ්‍ය අංශය ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සංවිධාන කළ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා.
අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ නේවාසිකව සිටින ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට මෙහිදි කටයුතු කෙරුණා. ඔවුනට ආහාර පාන වලින් සංග්‍රහ කර තැගී බෙදා දීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ. එක් රණවිරුවෙකුගේ ඉල්ලීම මත ජංගම දුරකතනය ඔස්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ කර ගනිමින් උපන්දින සුභපැතුම් පිරිනැමීමට ද අවස්ථාව සලසා දෙනු ලැබුවා.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමීත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ශානුක කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වුණා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙලේ හමුදා නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන් දිනයට සමගාමීව ගැබිණි මාතාවන්ට උපකරණ බෙදා දීමේ වැඩසටහනක් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. මාතෘ අභිමානී වැඩසටහන යටතේ එහිදී ගර්භනී මාතාවන් 250 කට ආසන්න පිරිසකට උපකරණ බෙදා දීම සිදු වුණා.
ජනාධිපතිතුමාගේ 74වන උපන්දිනයට සුභපැතුම් එක් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ ලක්වනීතා පෙරමුණ විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණා. ඒ යටතේ ලේ දන් දිමේ වැඩසටහනක් සහ නිල් කටරොළු කිරිබත් දන්සලක් කටුගස්තොට ශ්‍රී බෝධිරුක්කාරාම විහාර පරිශ්‍රයේදී පැවැත්වුණා. පතදුම්බර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක නදීක නානායක්කාර මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.