පසුගිය වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟය හේතුවෙන් පුද්ගලයින් 43000ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානය පවසනවා.
පසුගිය වසරේ දී සෝමාලියාවට වර්ෂාව ලැබී නොමැති බවයි සෝමාලියා රජය සදහන් කරන්නේ.
පසුගිය වසර තුළ දී ජලය නොමැති වීම හේතුවෙන් මෙම පිරිස මිය ගොස් ඇති බවයි සෝමාලියා රජය හා ජගත් සංවිධානය එක්ව නිතුක් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
මිය ගිය පිරිසගෙන් අඩක් පමණ වයස අවුරුදු 5ට අඩු දරුවන් බව එම වාර්තාවේ දැක්වෙනවා.
එමෙන්ම මෙම වසරේ මුල් මාස 6 තුළ දී තවත් මරණ 18000ත්, 34000ත් අතර සංඛ්‍යාවක් සිදුවිය හැකි බවටයි ජගත් සංවිධානය අනතුරු අගවන්නේ.
2011 වසරේ දී සෝමාලියාවට බලපෑ නියඟය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 3කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා.