උතුරු කොරියාව තවත් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා.
ඒ තීරණාත්මක දකුණු කොරියා ජපාන නායකයන්ගේ හමුවීමට පැය කිහිපයකට පෙරයි.
උතුරු කොරියාව මෙම දිගු දුර මිසයිලය අද උදෑසන අත්හදා බලා ඇති බව දකුණු කොරියා බලධාරීන් තහවුරු කළා.
එය කිලෝ මීටර දහසක් පමණ පියාසර කර ජපානයට බටහිර දෙසින් වු මුහුදට පතිතවී තිබෙනවා.
එමෙන්ම උතුරු කොරියාව පසුගිය සතියේ ද කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බැලුවා.
මේ වන විට දකුණු කොරියාව හා ඇමෙරිකාව එක්ව කොරියා අර්ධද්වීපය ආසන්නයේ නාවික අභ්‍යාසයක් ද සිදු කරනවා.