තුන්වන ධුරකාලය සදහා චීන ජනාධිපති ෂී ජින් පින් මහතා යළි තේරීපත්වුණා. ඒ මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුභාසිංශන එක්කළා.
චීන ජනාධිපති ෂී ජින් පින් මහතාට සුබපැතුම් එක්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ ඔහුගේ නායකත්වය යටතේ චිනය අත්කරගෙන ඇති ප්‍රගතිය අගය කරන බවයි. ශ්‍රීලංකාවේ ආර්ථික අභියෝග හමුවේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වූ ක්‍රියාවලියේදී චීනය දැක්වූ සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇගයීමට ලක්වුනා.
දෙරටේ සහයෝගීතාව චීන ජනපතිගේ නව ධුරකාලය තුළ තවදුරටත් ශක්තිමත්ව වර්ධනය වනු ඇති බවටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් විශ්වාසය පළකර තිබෙනවා.