රුසියානු ගැබිණි කාන්තාවන් පන්දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය මාස කිහිපයේ ආර්ජන්ටිනාවට පැමිණ තිබෙනවා. ආර්ජන්ටිනාවේ ලිහිල් ආගමන විගමන ප්‍රතිපත්ති හේතුවෙන් මෙලෙස සංක්‍රමණය වන බවටයි වාර්තා වන්නේ.
ජාතික සංක්‍රමණික ඒජන්සිය පවසන්නේ ආර්ජන්ටිනාවට පැමිණි ගැබිණි මව්වරුන් මොහොමයක් දරු ප්‍රසූතියට ආසන්න කාලයේ පසුවන බවයි. රුසියාවෙන් ආර්ජන්ටිනාවට පසුගිය බ්‍රහස්පතින්දා පැමිණි වාණිජ ගුවන් යානයේ ගැබිණි මව්වරුන් 33ක් සිටීම විශේෂ සිද්ධියක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. රුසියාවේ යුද තත්ත්වය මෙම පැමිණීමට ප්‍රධාන හේතුව බවයි සඳහන් වන්නේ. රුසියානු ගැබිණි මව්වරු ආර්ජන්ටිනාවට පැමිණීමට ප්‍රධාන හේතුව ලෙස සලකන්නේ ආර්ජන්ටිනා විදේශ ගමන් පත්රපත්තිය ඉතාමත් ලිහිල් වීමයි. රුසියා විදෙස් ගමන් බලපත්‍රයෙන් ගමන් කළ හැක්කේ රටවල් 87 කට පමණක් වුවත් ආර්ජන්ටිනා විදෙස් ගමන් බලපත්‍ර යෙන් රටවල් 171කට පහසුවෙන් සංචාරය කළ හැකියි.