ඇමෙරිකාව චීන බැලූනය වෙඩි තබා බිම හෙලීමට කටයුතු කළා.
දින 3ක් තිස්සේ ඇමෙරිකා ගුවනේ පාවෙමින් තිබු චීන බැලුනය වෙඩි තබා බිම හෙළීමට ඇමෙරිකාව කටයුතු කළා. ජෙට් යානා භාවිතයෙන් මිසයිල එල්ල කිරීම තුළින් බැලූනය බිම හෙළීමට ඇමෙරිකානු ගුවන් හමුදාව කටයුතු කළා. බැලූනය බිම හෙළන අවස්ථාවේදී එය අත්ලාන්තික් සාගරයට ඉහළින් ගමන් කරමින් තිබු බව වාර්තා වනවා. මේ වන විට කඩා වැටුණු බැලුනයේ කොටස් හෙවීම සඳහා මෙහෙයුම් සිදු කෙරෙනවා.
මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශය ඊයේ දිනයේ පැවසුවේ මෙය තමන්ගේ බැලූනයක් නොවන බවයි. කෙසේ වෙතත් අද දිනයේ දී චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ මෙය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරිමක් මෙන්ම බලය ඉක්මවා කටයුතු කිරීමක් බවයි. මෙම බැලූනය කාලගුණ නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගත් බැලූනයක් බව ද චීනය සඳහන් කළා.