ගත වූ පැය 24ට ලොව පුරා කොරෝනා නව ආසාදිතයින් 180,000ක්
Related Articles
ලොව පුරා රටවලින් හමුවී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටහත් කෝටි පනස් දෙලක්ෂය ඉක්මවා තිබෙනවා.
ගතවූ පැය 24ට පමණක් රටවල් 229 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 180,000කට අධිකයි.
සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,058 ක්. ඊයේ දිනයේ දී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ජපානයෙන් හමුවී ඇති අතර එම සංඛ්‍යාව 60,000 ට ආසන්නයි.
එමෙන්ම තායිවානයෙන් 32,000 ක් ජර්මනියෙන් 21,000ක් හා දකුණු කොරියාවෙන් 19,000ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.
ඊයේ ජපානයෙන් වාර්තා වූ කොරෝනා මරණ 246ත් සමඟ ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහත් ලක්ෂ හැටදෙදහස් හාරසිය විසිදෙක දක්වා ඉහළ ගියා.