විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ තිලක් පරණගම මහතා විසින් රචනා කළ ඩෙස්ටිනි නමැති කෘතිය එළිදැක්වුණා. සිය හමුදා ජීවිතයේ අත්දැකීම් පාදක කර ගනිමින් එම කෘතිය රචනා කර තිබෙනවා.
ඩෙස්ටිනි කෘතිය එළිදැක්වීමේ උත්සවය මට්ටක්කුලිය රොක් හවුස් හමුදා කඳවුරු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. වසර 36 ක හමුදා ජීවිතයේ සුන්දර මෙන්ම අසුන්දර මතකයන් මෙම කෘතියට අන්තර්ගතකර තිබෙනවා. සාමාන්‍ය ආධුනික සෙබලෙකු ලෙස සේවයට එක්වී වසර ගණනාවක් උතුරු නැගෙනහිර යුද්ධයේ දී ලැබූ අත්දැකීම් ද මීට ඇතුළත්. කෘතිය එළිදැක්වීමේ උත්සවයේ ප්‍රදාන ආරාධිතයා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා සහභාගි වුණා. හිටපු ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වූ අතර විශ්‍රාමික හමුදාපති ජගත් ජයසූරිය මහතා ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා.
