fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බසී

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2023 16:54

දිල්ලියේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහළ බසී

දින පහක් ඇතුළත දිල්ලි නගරයේ උෂ්ණත්වය ශීඝ්‍රයෙන් පහත බැස තිබෙනවා. දශකයකට පසුවයි මෙසේ අධික ශීතලට දිල්ලිය මුහුණ දෙන්නේ.

පිළීවෙලින් ජනවාරි 5වනදා සිට දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තුන, හතර, දෙකයි දශම දෙක, එකයි දශම නවය, එකයි දශම එක හා සෙල්සියස් අංශක එක දක්වා අඩු වුණා.

මීට පෙර මෙවැනි අඩු උෂ්ණත්වයන් වාර්තා වුණේ 2013 වසරේ ජනවාරි මාසයේදී. කෙසේ වෙතත් ජනවාරි 11 ත් 13 ත් අතර කාලයේදී මෙම තත්ත්වය වෙනස්වීමේ හැකියාවක් පවතින බව ඉන්දීය කාලගුණ අංශ නිවේදනය කළා.

ඇතැම් හුදකලා ප්‍රදේශවල උෂ්ණත්වය තවදුරටත් අඩු අගයක පවතිනු ඇති බවටයි වාර්තා වන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2023 16:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්