දකුණු මුහුදේ දී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තුන් දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදාව සමත් වුණා.
නාවික හමුදාව සිදුකළ විශේෂ සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් මගින් දෙවුන්දර තුඩුවේ සිට කිලෝමීටර් 333 ක් පමණ දුරින් සිටියදීයි මෙම ධීවරයින් සොයා ගැණුනේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම ධිවරයින් අනතුරට පත්ව තිබෙනවා.
ඔවුන් ගොඩබිමට රැගෙන ඒමෙන් පසු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණා. මෙම ධීවරයින් මුහුදු ගොස් ඇත්තේ පසුගිය මස 22 වනදායි.
මේ අතර අතුරුදන් ධීවරයින් සෙවීමේ මෙහෙයුමේ දී පාවෙමින් තිබූ මළසිරුරක් ද නාවික හමුදාව සොයා ගත්තා.
එහෙත් එම සිරුර තමන් සමග සිට අතුරුදන් වූ අනෙක් ධීවරයින්ගේ නොවන බවට දිවි බේරා ගත් ධීවරයින් ප්‍රකාශ කළා.
නාවික හමුදා මූලස්ථානයේ පිහිටුවා ඇති කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හරහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණා.