ඇමෙරිකාවේ ගුවන් සංදර්ශනයක් අතරතුර යානා දෙකක් එකිනෙකට ගැටි සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ පැවති සංදර්ශනයක් අතරතුරයි මෙම අනතුර සිදු වුණේ. බෝයිං බී 17 නැමැති දෙවන ලෝක යුද සමයේ බෝම්බ හෙළු ගුවන් යානයක් සහ බෙල් පී 63 කින්ග්කෝබ්රා නැමැති කුඩා ගුවන් යානායක් මෙලෙස අනතුරට ලක් වුණා. ගුවන් යානාවල සිටි සියළු දෙනා මියගොස් ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.
