දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ ප්රමුඛ අරමුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ පැවති ජනාවාස දින ජාතික සැමරුමට එක්වෙමින්.
මෙම වැඩසටහනට එක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ අරගල කළ යුත්තේ නිවාස ගොඩනැගීමට මිස නිවාස ගිනි තැබීමට නොවන බවයි.
වෙනසක් නොකරමු කිසිවෙකු හෝ කිසි තැනක් අත් නොහැර රැකගමු තේමාව යටතේ 36 වන ලෝක ජනාවාස දින ජාතික සැමරුම මෙවර පැවැත්වුණා. මීට සමාගාමීව ජනාවාසවල ජනතාව හා දරුවන් වෙනුවෙන් සංවිධාන කර තිබු චිත්‍ර, කෙටි චිත්‍රපට හා ගෙවතු වගා තරගවල ජයග්රාහයකයන්ට ත්‍යාග පිරිනැමුණා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස හිමිකම් ඔප්පු 650ක් ද ප්රදානය ද මෙහිදී සිදුවුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/O016QOp6jYw”]