ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් ලක්ෂ 5 ට ආසන්න වයිරස ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 967 ක්.
ඊයේ දිනයේ දී හමුවූ වැඩිම කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව වන 95,811 වාර්තා වන්නේ ජර්මනියෙන්.
එමෙන්ම ප්‍රංශයෙන් 73,000 ක් ජපානයෙන් 50,000 ක් තායිවානයෙන් 45,000 ක් හා ඉතාලියෙන් 44,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.
ගතවූ පැය 24 ට වාර්තා වී ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 171 සිදුව ඇත්තේ ඇමෙරිකාවෙන්.
ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව වන හැටපන් ලක්ෂ හතලිස් දෙදහස ඉක්මවා ගියා.
හමුවී ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව හැටදෙකෝටි දොළොස් ලක්ෂයකට අධිකයි.