සමස්ත ලංකා පාසල් බැඩ්මින්ටන් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් තරග මේ දිනවල පැවැත්වෙනවා.
තරග පැවැත්වෙන්නේ කොළඹ රාජකීය හා ඩි එස් සේනානායක යන විද්‍යාලවල ගෘහස්ත ක්‍රීඩාංගනවලදීයි. ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධානකර ඇති තරගාවලියට පාසල් 34ක් මෙවර ඉදිරිපත්ව තිබෙනවා.
තරගාවලිය අදින් අවසන්වන අතර එහි ත්‍යාග ප්රදානෝත්සවය ශ් රීලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.