විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අද සිට යළි ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළා.
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සහතික කිරීමේ සහ සත්‍යාපන ඒකකවල පරිගණක අංශවල සිදුවූ බිදවැටීම හේතුවෙන් මෙම සේවා තාවකාලිකව නතරකර තිබුණා. එම සේවාවන් අද සිට යළි ආරම්භ කිරීමටයි කටයුතු කෙරුනේ. ඒ අනුව යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල කටයුතු ද ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර කොන්සියුලර් අංශයේ සියලුම සේවාවන් ද අඛණ්ඩව ක්‍රියාත්මකයි.