ජාතික හා ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරුණා.
ඇගයීම් උත්සවය පැවැත්වුණේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආසියා දැල්පන්දු ශූරතාවලියේදී විශේෂ දක්ෂතා දැක්වූ ගුවන් හමුදා දැල් පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් වන ස්කෝඩ්රන් ලීඩර් චතුරංගි ජයසූරිය සහ නායක ගුවන් කාන්තා රෂ්මි දිව්‍යාංජලී ද මෙහිදී ඇගයීමට ලක්වුණා. එමෙන්ම පසුගියදා පැවති මංචී සුපර්ලීග් වොලිබෝල් තරගාවලියේ ශූරතාවලිය දිනාගත් ගුවන්හමුදා පිරිමි හා කාන්තා කණ්ඩායම් මෙන්ම මිස්ටර් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ගුවන් හමුදා කායවර්ධන සංචිතයේ නායක ගුවන් භට චමින්ද පීරිස් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී ඇගයීමට ලක්කර තිබෙනවා. එමෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට උසස්වීම් ලබා දීම ද විශේෂත්වයක්.