යුක්රේනයේ සිට රුසියාව බලා පැමිණෙන පුද්ගලයින්ට ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.
ඔහු ඊට අදාළ නියෝගයකට ද අත්සන් තබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. විශ්‍රාමිකයන් , ගැබිණි කාන්තාවන්, ආබාධිත පුද්ගලයන් ඇතුළු පිරිස්වලට මෙලෙස රුසියාවට ඇතුළුවන අවස්ථාවේදී මූල්‍යමය සහන ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මසකට රූබල් දස දහසක මුදලක් එක් අයෙකුට හිමිවනු ඇති. යුක්රේනයේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට රුසියාවේ විදේශ ගමන් බලපත්‍ර ලබා දීමට ද පුටින් වරක් නියෝග කළා.