යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්රේනයේ පිහිටි සපොරිෂ්ෂියා බලාගාරය අවට සියලුම යුද මෙහෙවුම් වහා අවසන් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා යුක්රේනයට සහ රුසියාවට දැනුම් දී තිබෙනවා.
යුක්රේනයේ සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරය දැඩි අවදානම් තත්ත්වයේ පවතින බැවින් මෙම ප්‍රදේශය හමුදා කටයුතුවලින් වහා නිදහස් කළ යුතු බව ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනය කළා. පසුගිය මාර්තු මාසයේ සිට මෙම න්‍යෂ්ටික බලාගාරය රුසියා හමුදා භාරයේ පවතිනවා.
