ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.
ගත වූ පැය 24 ට පමණක් රටවල් 228 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 770,000 ට ආසන්නයි.
සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,060 ක්. ඊයේ දිනයට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇත්තේ ජපානයෙන්. එම සංඛ්‍යාව 173,000 ට ආසන්නයි.
එමෙන්ම දකුණු කොරියාවෙන් 149,000 ක් ජර්මනියෙන් 72,000 ක් හා ඇමෙරිකාවෙන් 58,000 ක් ලෙස වයිරස ආසාදිතයින් හමුව තිබෙනවා.
ගතවූ පැය 24 ට සිදුව ඇති වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන 359 වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.
ඒ සමගම ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හැටහතර ලක්ෂ හතලිස් එක් දහස ඉක්මවා ගියා.
හමුව ඇති සමස්ත වයිරස ආසාදිතයින් සංඛ්‍යාව පනස්නව කෝටි එකොලොස් ලක්ෂ හැත්තෑ තුන්දහසකට අධිකයි.