ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය කඩුළු 10 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.
මේ අතර තරගය අතරතුර දී කෝවිඩ් ආසාදිත බවට තහවුරු වූ ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරුණු අතර ඒ වෙනුවට ඕෂධ ප්‍රනාන්දුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 212 ක් පමණයි. දෙරට අතර පැවති එක්දින තරගාවලියේ විශිෂ්ඨ පිතිරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක ලකුණු 23 කට දැවී ගිය අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 28 කට දවා ගැනීමට නැතන් ලෙයෝන් සමත් වුණා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39 කට දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 58ක් රැස් කළේ හතරේ පහර 6 ක් ද සමගින්. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නැතන් ලෙයොන් ලකුනු 90කට කඩුළු 05ක් බිඳ හෙලුවා. අනතුරුව සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් පන්දුවේ දග කැවීමට එරෙහිව යම් ආරක්ෂාකාරී ක්‍රීඩා විලාසයක නිතර වුවද එම සබඳතාව බිඳ වැටුනේ ඩේවිඩ් වෝනර් ලකුණු 24 ක් ලබා සිටියදී රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟයි. මානස් ලබුෂේන් , ස්ටීව් ස්මිත් සහ ට්‍රාවිස් හෙඩ් අඩු ලකුනු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන්නන් සමත් වුවද අනතුරුව පිටියේ එක්වූ කැමරන් ග්‍රීන් සහ උස්මාන් ක්වාජා ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ලකුණු මට්ටම ඉහළ නැංවීමට සමත් වුණා. උස්මාන් ක්වාජා ලකුණු 71 කට දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කැමරන් ග්‍රීන් ලකුණු 77 ක් රැස් කළා. පන්දු යැවීමේ රමේෂ් මෙන්ඩිස් කඩුළු 4 ක් බිඳ හෙලුවේ ලකුණු 112 ක් ලබා දෙමින්. ඒ අනුව තුන්වන දිනය ආරම්භ වන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 109 ක් ඉදිරියෙන් සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළේ එවන් පසුබිම්ක යටතේයි.
කෙසේ වෙතත් දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි මුල් පෙල පිතිකරුවන් 04 දෙනාම අඩු ලකුණු සංඛ්‍යාවක දවා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. දිමුත් කරුණාරත්න ලකුනු 23 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකි වූයේ ලකුණූ 08 ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු ලකුණු 12 කට දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩාමට තවත් පීඩනයට ලක් කරමින්. මේ අතර ධනංජය සිල්වා , දිනේෂ් චන්දිමාල් සහ නිරෝෂන් දික්වැල්ල ද , ලකුණු 15 සීමාවට අඩුවෙන් ලබාගත් ඕස්ට්‍රෙිලියා කණ්ඩායම තරගය තමන් සන්තකයකට ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු කිහිපය ලකුණු 5ක් වැනි අඩු ලකුණු ප්‍රමාණයකට දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 113කට සීමා වුණා. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සදහා ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබාගත යුතුව තිබුණේ ලකුනු 5 ක් පමණයි. කෙසේ වෙතත් එම ලකුනු සංඛ්‍යාව කිසිඳු කඩුල්ලක් නොදැවී ලබා ගනිමින් තරගයේ ජය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියා කන්ඩායම සමත්වුණා. තරගයේ වීරයා කැමරොන් ග්‍රීන්.