චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්රීඩා ශූරතාවලියේ මීටර් සියය පිරිමි ඉසව්වේ පස්වෙනි ස්ථානය දිනා ගැනීමට ශ්රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වුණා.
තත්ත්පර 10.8 ක කාලයක් වාර්තා කළ යුපුන් අබේකෝන් ඔහුගේ මෙම වාරයේ වාර්තා කළ දෙවන හොදම කාලය ලෙස සටහන් කරගෙන තිබෙනවා. මෙම තරගයේ දී යුපුන්ගේ ප්රතිවාදීන් අතර ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් සහ දකුණු අප්රිකාවේ අකානි සිම්බයින්ද සිටීම විශේෂත්වයක්. යුපුන් අබේකෝන් මෙහිදී යොහාන් බ්ලේක්ට වඩා තත්ත්පර 0.3ක් පිටුපසින් තරගය අවසන් කිරීම සුවිශේෂී වනවා.