නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වා තිබු දුම්වැටි තොගයක් පොලිස් විශේෂකාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තීරු බදු රහිතව මෙරටට ගෙන් වු දුම්වැට් 6000 ක් වෑන් රථයකින් ප්රවාහනය කරමින් තිබියදි කොච්චිකඩේ ප්රදේශයේ දි අත්අඩංගුවට ගැනිම සිදු වුනා. සැකකරු වයස අවුරුදු 56 ක පුද්ගලයෙක්.
මේ අතර මෙරට නිශ්පාදිත ගිනි අවියක් වෙල්ලන්කුලම ප්රදේශයේ දි අත්අඩංගුවට ගැනිමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකි වුනා.
