වෙන්නප්පුව වයික්කාල ප්රදේශයේ පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ෆේස්බුක් තුලින් හදුනාගත් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සාදය වෙන්නප්පුව වයික්කාල හෝටලයක දී ඊයේ රාත්රියේ පවත්වා තිබෙනවා. පොලීසියට ලැබුණ තොරතුරකට අනුව එම ස්ථානය වැටලීමට ලක්කළ අතර එහි සිටි 39 දෙනෙකු අත්අඩං ගුවට ගැණුනා. ඔවුන් ළග තිබී අයිස්, හෂීෂ් , ගංජා සහ මත්පෙති ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන අතර ඔවුන් මට්ටක්කුලිය,ගනේමුල්ල, මීගමුව, අනුරාධපුර,වත්තල සහ මීරිගම යන ප්රදේශවල පදිංචිකරුවන්.
