නයිජීරියා ජාතික කෙටිදුර ධාවන ශූරිනී බෙසිම් ඔකග්බරේට වසර 10ක තරඟ තහනමක් පනවා තිබෙනවා.
තහනම් උත්තේජක භාවිත කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට ක්රීඩා බලධාරින් කටයුතු කර තිබෙනවා. ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ද ඇය තහනම් උත්තේජක භාවිත කරන බව අනාවරණය වුණා.
ඔකග්බරේ මේ වන විට 33 වන වියේ පසුවනවා. 2008 වසරේ ඔලිම්පික් උළෙලේදී ඇය රිදී පදක්කමක්ද හිමිකර ගැනීමට සමත්වුණා.