මිනිසාගේ චින්තනය සහ චර්යාවේ පදනම බවට පත්ව තිබෙන්නේ ඔවුන් විශ්වාස කරන ගැඹුරු දහම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ඒ ශුද්ධ වූ මොහම්මද් නබි නායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනුයි.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද නබි නායකතුමාගේ උපන්දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
සියලු දෙනාට විශ්වාස කළ හැකි පුද්ගලයෙකු වීම සදහා අවශ්‍ය වනුයේ කරුණාව සහ අවංකභාවය යැයි නබ් නායකතුමා ලෝකයට පෙන්වා දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. අවංක මිනිසුන් දෙවියන් විසින් සුදුසු උසස් ස්ථාන කරා ඔසවා තබන බව නබි නායක තුමාගේ ජීවිතය සහ දර්ශනය අධ්‍යයනය කිරීමෙන් අවබෝධකරගත හැකියි. ලෝක ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී සිටින නබි නායක තුමාගේ ජීවිත දර්ශනයන්ට ගරු කරන සියලු ඉස්ලාම් ජනතාවගේ ජීවිත අලෝකවත් වී සෞභාග්‍ය උදාවේවායි ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කර සිටිනවා.
මේ අතර මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩ නැගීමට නබිනායක තුමා සිය පෞද්ගලික ජීවිතය තුළින් අන් අයට ආදර්ශයක් සැපයූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඇති නැති පරතරය නැති කර සමානාත්මතාව වෙනුවෙන් කැප වූ එතුමන් දුසිරිතෙන් පිරුණු සමාජයකට අල්ලා දෙවියන්ගේ පණිවුඩකරු ලෙස පුරා 23 වසරක් කළ මෙහෙවර ඉමහත් බවයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ.
නබි නායකතුමාගේ ජන්ම දිනය සමරන මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ සියලු සත්ත්වයන්ට ආදරය දැක්වීමේ නබිතුමාගේ දර්ශනය සෑම දෙනාගේම දෛනික ජිවිතියේ ක්‍රියාවන්ට මාර්ගෝපදේශකත්වය සැපයීමට හේතු වන බවයි.