ජපානයේ ටෝකියෝ නුවර ඇතුලු නගර ගණනාවකට පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන ටෝකියෝ නුවර ඇතුලු තවත් නගර 5 ක හදිසි තත්ත්වය මෙලෙස දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා නිවේදනය කරන්නේ.
සිග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් නව කොවිඩ් රෝගීන් විශාල සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වනවා. එරට දෙෙනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10,000 ඉක්මවා යන බවයි වාර්තා වන්නේ.
ඔලිම්පික් තරගාවලියට සම්බන්ධ පිරිස් ද මේ අතර වන බවයි සදහන් වන්නේ.