තුර්කියේ ලැව් ගිනි හේතුවෙන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.
තුර්කියේ දකුණු දිග ප්රදේශයේ පවත්නා උණුසුම් කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න පැතිර යාම වේගවත් වී ඇති බවයි වාර්තා වන්නේ. එරට ප්රදේශ 17 කට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර සංචාරක ආකර්ශනීය නගරයක් වන ආගියන් වෙරළ කලාපය ආශ්රිත ප්රදේශයට වැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන හමුදා භටයින් 400 ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.