කියුබාවේ රාජ්‍ය විරෝධි උද්ඝෝෂණවලදී සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
කියුබාවේ රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ ආරම්භ වීමෙන් පසු සිදුවූ පළමු මනුෂ්‍ය ඝාතනය මෙය බවයි වාර්තා වන්නේ. හවානා අග නගරයේ සිදුවූ විරෝධතා ව්‍යාපාරයකදී 36 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු රජයේ ආයතනයකට පහර දීමටපැමිණි කණ්ඩායමක සාමාජිකයෙකු බවයි කියුබානු මාධ්‍ය වාර්තා කර තිබුණේ.
එහෙත් සාක්ෂිකරුවන් සදහන් කර ඇත්තේ ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රහාරයකදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි.