මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අංජු නැමැත්තාගේ ගෝලයෙකු බව කියන මද්දා නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්කිස්ස කල්දෙමුල්ල ප්‍රදේශයේදී ගල්කිස්ස පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගැනුණා. මධුශංක සිල්වා නමැති මොහු අගුලාන ප්‍රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවයි ප්‍රකාශ වන්නේ. එමෙන්ම මත්ද්‍රව්‍ය හා මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන සැකකරුවෙක්. ඩුබායි හි සැඟවී සිටින බව කියන අංජු නැමැත්තාගේ වෙළෙඳ සැලකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද මොහුට චෝදනා එල්ල වී තිබෙනවා.
මේ අතර ගම්පහ පොලිසිය මගින් තවත් අපරාධකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙවා. ඔහුගෙන් කළ ප්රශ්නකිරිම්වලට අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ සඟවා තිබූ ටී පනස්හය වර්ගයේ ගිනි අවියක කොටස් සොයාගෙන තිබෙනවා. මොහු මීට මාස එකහමාරකට පෙර ඇප මත නිදහස් වූ අයෙක්. එමෙන්ම කොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු බවයි පොලිසිය පවසන්නේ.