ඉන්දියාවේ තුන්වන රැල්ලක් සිදුවුවහොත් දරුවන්ට දැඩි ලෙස බලපාන බව මහාරාෂ්ට්‍ර සෞඛ්‍ය අමාත්‍ය රාජේෂ් ටෝපේ ප්‍රකාශ කළා. ළමුන් සඳහා කෝවිඩ් මධ්‍යස්ථාන සකස් කිරීම ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවේ ළමයින් සඳහා එන්නතක් නොමැත.
මේ අතර දිල්ලියට දිනකට වෛද්‍ය ඔක්සිජන් ටොන් 700 ක් ලබා දිය යුතු බවට වාර්තා පළවීමෙන්කි පැය කිහිපයකට පසු මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් කියා සිටියේ අගනුවර ඔක්සිජන් හිඟය විසඳා ඇති බවයි.
බොහෝ රටවල් ඉන්දියාවට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා. ඉන්දියාවේ COVID-19 අර්බුදයට එක්සත් රාජධානියෙන් තවත් ටොන් 18 ක ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර 3 ක් සහ වාතාශ්‍ර උත්පාදක 1,000 ක් රැගෙන ලොව විශාලතම භාණ්ඩ ගුවන් යානය උතුරු අයර්ලන්තයෙන් පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ.
ජනවාරි මාසයේ දෛනික ආසාදන අඩුවීමෙන් පසු මාර්තු මුල වන තෙක් ඉන්දියාව දිනකට රෝගීන් 20,000 කට වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා කර තිබුණා. කෙසේ වෙතත්, අපේ‍්‍රල් මාසයේ දී, දෙවන රැල්ලේ රෝගීන් ලක්ෂ 66 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුණා.