මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1150 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 114,826 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 14 964 ක් ලෙසයි වාර්තා වන්නේ.
අද දිනයේදී මෙරට කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් අතුරින් තවත් 944 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
ඒසමඟම සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 99,153 දක්වා ඉහළ ගියා.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 709 ක් වාර්තා වී තිබෙනවා.