පසුගිය පැය 24 තුළදී නව ආසාදිතයින් 379,257 දෙනෙකු සහ මරණ 3,645 ක් ඉන්දියාවෙන් වාර්තා වුණා. පසුගිය සතියක කාලයක සිට දිනෙන් දින ඉන්දියාව තුළ වැඩිම රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තාවීම විශේෂත්වයක්. ඉන්දියාව පත්ව තිබෙන සෞඛ්‍ය අවධානම හේතුවෙන් බ්‍රිතාන්‍ය / ඇමෙරිකාව / චීනය සහ රුසියාව වෛද්‍ය ආධාර සැපයීමට ද කටයුතු කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ඔක්සිජන් ජංගම වශයෙන් බෙදාහරින ස්ථාන 3 ක් ලබා දීමට කටයුතු කළා. ටොන් 22 ක් බරැති වෛද්‍ය ආධාර තොගයක් රුසියාවේ සිට ඉන්දියාවට ලබා දීමටද කටයුතු කෙරුණා. කොරෝනා අවදානම නොතකා බටහිර බෙංගාලයේ ප්‍රන්ත මැතිවරණය ද අද පැවැත්වුණා. එම ප්‍රාන්තයේ ඊයේ දිනයේදී පමණක් නව කොරෝනා ආසාධිතයින් 17,207 දෙනෙකු වාර්තා වුණා. ඉන්දියාවෙන් හමුවූ නව වෛරස් ප්‍රභේදය තවත් රටවල් 17 කින් හමුවී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. එම වෛරස් ප්‍රභේදය සාමාන්‍ය කොරෝනා වෛරසයට වඩා වැඩි ක්‍රියාකාරීත්වයකින් යුක්තව පුද්ගලයින්ට පැතිර යන බවයි එම සංවිධානය නිවේදනය කර තිබෙන්නේ.