fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙමෝදර රේල් ගැටයට වසර 100යි

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2021 12:20

දෙමෝදර රේල් ගැටයට වසර 100යි

ලෝක ප්‍රසිද්ධ දෙමෝදර දුම්රිය ස්ථානය නිර්මාණය කර එම දුම්රිය ස්ථානයට ප්‍රථම දුම්රිය පැමිණ අදට වසර සියයක් සපිරෙනවා. රේල් ගැටයක් සහිත වීම නිසයි මෙය ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ.

කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් යන ගමනෙහි  172 සැතපුමෙහි දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටා තිබෙනවා. 1921 සුදු අධිරාජ්‍ය වාදීන්ගේ සමයේ නිර්මාණය කළ රේල් ගැටයක් සහිත මෙම දුම්රිය ස්ථානය අදටත් දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇදබැදගන්නා ස්ථානයක්. දුම්රිය මාර්ගය තැනීමේදී මෙම ස්ථානය දැඩි බෑවුමක් සහිත බැවින් ඊට විසදුමක් ලෙස කඳු ගැටය වටා දුම්රිය මාර්ගය ඉදිකර තිබීම දුම්රිය ගැටය ලෙස හඳුන්වනවා. මේ අනුව කන්ද වට‌ා සම්පූර්ණ වටයක් කැරකී බිම් ගේ යටින් සහ උඩින් දුම්රිය ගමන් කිරීම මෙහිදී සිදුවනවා. රේල් ගැටයත් උමං මාර්ගයත් ඒ අසලින්ම ඇති කළු පාලමත් නිසා ඊට දැඩි සංචාරක ආකර්ශනයක් ඇතිව තිබෙනවා.  කෙසේ වෙතත් මෙම සුන්දර ස්ථානය මේ වනවිට විනාශයට පත් වෙමින් පවතින බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ. පැරණි ගොඩනැගිලි විනාශ වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙනවා. සංචාරක ආකර්ශනය වැඩි කර ගැනීමට ඒ තුළින් හැකිවන බවයි ප්‍රදේශවාසීන් ද පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor මාර්තු 21, 2021 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්