යේමනයේ සන්ධාන රජය බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ පැවති සාකච්ඡා අවසන් කරමින් නැවත පැමිණීමත් සමග එරට ඒඩන් ගුවන්තොටුපලට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා.
ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගිය අතර 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. යේමනයේ අග්‍රාමාත්‍ය මේන් අබ්දුල් මාලෙක් පවසන්නේ කිසිදු කැබිනට් සාමාජිකයෙක්ට එම ප්‍රහාරයෙන් කිසිදු අනතුරක් සිදුව නැති බවයි.
ගුවන්තොටුපලට එල්ල වූ මිසයිල ප්‍රහාර පිළිබදව පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. ප්‍රහාරය පිටපස ඉරානයේ සහාය ලබන කැරලිකරුවන් පිරිසක් සිටින බව සෞදි අරාබිය පැවසුවත් මෙතෙක් කිසිවෙකු එහි වගකීම භාරගෙන නැහැ.