සිය ජනතාවට ස්පුට්නික් වී කොරෝනා එන්නත නොමිලේ ලබා දීමට වෙනිසියුලාව රුසියාව සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
වෙනිසියුලා රජය රුසියාවෙන් ස්පුට්නික් වී එන්නත් මිලියන 10 ක් මිලදී ගැනීමට නියමිතයි. 2021 වසරේ පළමු මාස තුන තුලදී එන්නත් මිලදී ගැනීමේ පළමු වටය නිම කිරීමට වෙනිසියුලා ජනාධිපති නිකලස් මධුරෝ සැලසුම් කර තිබෙනවා. වෙනිසියුලාවට පැමිණ සිටින සංක්‍රමණිකයන් නව ලක්ෂයක් හැර සෙසු සියලු දෙනාට මෙම එන්නත නොමිලේ ලබා ගැනීමට හැකි බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. එම එන්නත අදියර තුනක් යටතේ ජනතාවට ලබා දීම සිදුකර ඇති අතර එහි කිසිදු අතුරු ආබාධයක් මතු නොවන බව අනාවරණය වී ඇතැයි වෙනිසියුලා ජනාධිපතිවරයා සදහන් කළා.