කොරෝනා වෛරසය ලොව මුහුණ දෙන අවසාන වසංගත තත්ත්වය නොවන බැවින් එය මැඩපැවැත්වීම සදහා පෙර සූදානම අත්‍යවශ්‍ය කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා.
නිවැරදි සෞඛ්‍ය පුරුදු හා නිරෝධායන නීති අනුගමනය කිරීමෙන් වෛරස ව්‍යාප්තිය අවම කිරීමට ඇති හැකියාව පිළිබද එම සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩ්හ්නෝම් පෙන්වා දෙනවා. සෑම වසරකම දෙසැම්බර් 27 වන දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ වසංගත තත්ත්වයකට සූදානම් වීමේ ජාත්‍යන්තර දිනය අමතමිනුයි ඔහු මේ බව සදහන් කර සිටියේ. ලොව සමාජයීය හා ආර්ථික තත්ත්වය අස්ථාවර කිරීමට කොරෝනා වෛරසය මූලික වී ඇති අයුරු මෙහිදී ඔහු පෙන්වා දුන්නා. සියලු ජාතීන් හා ආගම් එක්ව කටයුතු කිරීම තුළින් ලොව හට ගන්නා ඕනෑම වසංගත තත්ත්වයකට මුහුණ දීමට හැකියාව පවතින බවයි ටෙඩ්රෝස් තවදුරටත් සදහන් කර සිටියේ.