කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමූ නඩු සඳහා නව දින ලබාදීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.
කොළඹ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. කොළඹ මහාධිකරණ විනිසුරු විසින් කල් දමා තිබෙන නඩු සියල්ල යළි පරිශීලනයට ලක් කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ අනුව එම නඩු සඳහා නව දින ලබා දීමට පියවර ගන්නා ලෙසයි විනිසුරු අධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේ. කල් දැමුණු නඩු යළි කැඳවන දින ඉදිරියේදී ජනතාවගේ දැනගැනීම සඳහා දැන්වීමක් ලෙස අධිකරණ භූමියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.