ජලජීවීන් රැකගැනීමේ අරමුණින් මන්නාරම් දිස්ත්‍රික්කයේ කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවුණා.
මන්නාරම ප්‍රදේශයේ කඩොලාන ශාක ගහණය වැඩි කරමින් ජලජීවීන් ආරක්ෂා කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එහි පළමු පියවර මන්නාරම නානට්ටාන් ප්‍රධාන මාර්ගය දෙපස කඩොලාන පැළ සිටුවීමෙන් ආරම්භ වූයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි දර්ශනී ලහදපුර මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටි අතර මෙම වැඩපිළිවෙළ දිස්ත්‍රික්කය පුරා අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.