දියවන්නා ඔයේ පොල්දූව පාලම අසලින් ආරක්ෂක දැළ ඉවත් කර පාර්ලිමේන්තු කලාපයට ඇතුළුවීමට උත්සාහ දැරූ ඔරුවක් ආරක්ෂක අංශවල බෝට්ටුවක ගැටී තිබෙනවා.
බෝට්ටුවේ සිටි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. ඔහු සෙවීම සදහා පොලිසිය හා කිමිදුම්කරුවන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලයා සහ තවත් අයෙකු මසුන් මැරීම සදහා අදාළ ඔරුවේ නැගී දියවන්නා ඔයට පැමිණ ඇති බව වැලිකඩ පොලිසිය සදහන් කළා. අතුරුදන්ව ඇත්තේ බුත්ගමුව ප්රදේශයේ පදිංචි විසිහය හැවිරිදි පුද්ගලයෙක්. අනෙක් තැනැත්තා පොලිස් භාරයට ගෙන තිබෙනවා.