ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයට නව කර්මාන්තපුරයක් ලබාදීමට තීරණය කෙරුණා.
අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා. ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීම සදහා වූ එම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද එක්ව සිටියා.
නව කර්මාන්තපුරය වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන බවයි විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කළේ.