තොග වෙළදාම සදහා ආර්ථික මධ්‍යස්ථාන යලි විවෘත කිරීමට රජය ගත් තීරණයට එළවලු වෙළදුන් සහ ජනතාව ප්‍රසාදය පළ කරනවා.
කොරෝනා ව්‍යාප්තියත් සමග බස්නාහිර ඇතුලු ප්‍ර දේශ කිහිපයක ආර්ථික මධ්‍යස්ථාන තාවාකාලිකව වසා දැමුණා. ඒ සෞඛ්‍ය නිර්දේශවලට අනුවයි. කෙසේ වෙතත් මේ හේතුවෙන් විශේෂයෙන් එළවලු ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්වුණා. ඒ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙනුයි. එළවලු හිගය නිසා පාරිභෝගිකයන් ද දුෂ්කරතාවට පත්වුණා. එම තත්ත්වය හමුවේ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාම් කටයුතු සදහා යළි විවෘත කිරීම තුළින් තම නිෂ්පාදනවලට හොද වෙළදපොලක් යළි හිමිව ඇති බවයි උඩරට ගොවීන් පවසන්නේ. කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළදුන් ද මේ සම්බන්ධයෙන් රජයට ප්‍රසාදය පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/UpNxf_b3Zag”]