බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීමට පෙර පිටව ගිය අය රැදී සිටින ප්රදේශවලදීම දින දාහතරක නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.
මේ අතර එම පිරිස් සොයා පොලිස් මෙහෙයුම් ද ක්‍රියාත්මකයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/IStb-iC_qag”]
බස්නාහිර පළාත තුළ මේ වන විට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකයි. එය ලබන සදුදා අලුයම පහ දක්වා බල පැවැත්වෙනු ඇති. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ඇතුලුවීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. බස්නාහිර පළාතටම නිරෝධායන ඇදිරිනීතිය පැනවීමට පෙර ඇදිරිනීතිය පනවා තිබූ පොලිස් බල ප්‍රදේශවල ඇදිරිනීතිය සදුදා අලුයම 5 ට ඉවත් නොකරන අතර එය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.
මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්රදේශවන කුලියාපිටිය, දුම්මලසූරිය, පන්නල, නාරම්මල, ගිරිඋල්ල යන ප්‍රදේශවලට නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මකයි.