නීති විරෝධී ගිනි අවි 10ක් සමඟ සැකකරුවන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තිරුක්කෝවිල් පොලිසිය සමත් වුණා.
කන්චිකුඩිආරු, සින්නතෝට්ටම්, සගාමම්, තිරුක්කෝවිල්, විනායගපුරම් හා මන්ඩානේයි යන ප්රදේශවලදී මෙම නීති විරෝධී ගිනි අවි සොයා ගනු ලැබුවේ පොලිසියට ලද තොරතුරකට අනුවයි.
නීතිවිරෝධී ලෙස මෙම ගිනි අවි නිශ්පාදනය කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.