නිරෝගී සහ විනයගරුක සමාජයකට උචිත කි‍්‍රඩා සංස්කෘතියක් ඇති කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා.
එය යුගයේ වගකීමක්ද වනවා. කී‍්‍රඩාව තරුණ පරපුරේ භාෂාවයි. අධ්‍යාපනයට සමගාමීව දරුවන් කි‍්‍රඩාවට යොමු කිරිමෙන් පරිපූර්ණ පුරවැසියෙකු සමාජයට දායාද කළ හැකි බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.
ඒ ග්‍රාමීය හා පාසල් කි‍්‍රඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිලිබඳව පැවති සාකච්ජාවේදී. කී‍්‍රඩා පිටි සකස් කිරිමෙන් අනතුරුව ඒවා නඩත්තු කිරිමද මූලික අවශ්‍යතාවක් බවයි ජනාධිපතිතුමා සඳහන් කළේ.
ප්‍රාදේශීය වශයෙන් කි‍්‍රඩාව දියුණු කිරිමේ අවශ්‍යතාව එම අවස්ථාවට එක්වූ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා පෙන්වා දුන්නා.