කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබද ඉදිරි විමර්ශන කටයුතු සංවිධාන කිරීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් දෙදෙනෙකු ඊයේ (10) චීනය බලා පිටත්වුණා.
කොරෝනා වෛරසය පසුගිය වසරේ දෙසැම්බර් මස මුල් භාගයේ දී චීනයේ වූහාන් නගරයේ සත්ත්ව වෙළෙද සැළකින් පැතිරුණු බවට තොරතුරු වාර්තා වුණා. චීනයෙන් මෙය ව්‍යාප්ත වූ බවට ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකින් චෝදනාව එල්ල වුණා.
ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට තීරණය කෙරුණේ ද මෙම පසුබිම මතයි.
එම නිසා වෛරසයේ මූලාරම්භය තහවුරු කර ගැනීම සදහා මෙලෙස විශේෂඥයින් දෙදෙනෙකු චීනයට යැවීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කළේ.