එංගලන්ත සංචාරයට නම් කළ තවත් පාකිස්ථාන කී‍්‍රඩකයින් 6 දෙනෙක් එංගලන්තයට පැමිණ තිබෙනවා.
ඔවුන්ට කොරෝනා පරීක්ෂණ සිදුකළ බවයි පාකිස්ථාන කි‍්‍රකට් ආයතනය ප්‍රකාශ කළේ. මේ සතිය මුලදී 20 දෙනෙකුගෙන් සමන්විත පාකිස්ථාන සංචිතය එංගලන්තයට පැමිණියා. එහිදී ඔවුන් දින 14 ක නිරෝධායනයට ලක්කර තිබෙනවා.
එම කණ්ඩායම සමඟ එක්වීම සඳහා මොහොමඩ් හෂ්නයින්, ශදාබ් ඛාන් සහ වහබ් රියාස් ඇතුලු කී‍්‍රඩකයින් එංගලන්තයට පැමිණ ඇති බවයි කි‍්‍රකට් වාර්තා ප්‍රකාශ කළේ.
පාකිස්ථානය සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟ තුනක් සහ 20 යි 20 තරඟ තුනක් පැවැත්වෙනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරයෙන් අනතුරුවයි එම තරඟාවලිය ඇරඹෙන්නේ.