මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ප්‍රසිද්ධ කර තිබෙනවා.
එම වාර්තාව වෙබ් අඩවි 3ක් ඔස්සේ කියවීමට මහජනතාවට අවස්ථාව ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍යඅංශය පවසන්නේ. එම වෙබ් අඩවි වන්නේ www.president.gov.lk/ www.presidentsoffice.lk සහ www.pmdnews.lk. MCC ව්‍යාපෘතිය සමාලෝචනයකොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළා. ඒ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතිත්වයෙන්.