කාන්තාර පළගැටියන්ගේ බලපෑම ඉන්දියාවේ දිල්ලි නගරයටත් එල්ලවී තිබෙනවා.
දිල්ලි නගරයේ උප නගරයක් වන ගුරු ග්‍රාම් හි මෙම කාන්තාර පළගැටියන් වැඩි වශයෙන් දැකියහැකියි. දහස් ගණනක් පළගැටියන් නගරයේ තැන් තැන්වල දැකගත හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. දශකයකට පමණ පසුව පළගැටියන්ගෙන් ඉන්දියාවට මෙම වසරේදී දරුණු බලපෑම් එල්ලවිය හැකි බවටයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ. තම බෝග වගාවන් පළගැටියන්ගෙන් ආරක්ෂාකර ගැනීමට ගම්වැසියන්ට මහත් වෙහෙසක් දැරීමට සිදුව තිබෙනවා.