අයිවරිකොස්ට් රාජ්‍යයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.
එරට අගනගරය වන ආබ්ඩ්ජන් ආශ්රිත ප්‍රදේශවලට දින දෙකක් පුරා නොකඩවා දරුණු වැසි ඇදහැලෙනවා. මෙම වැසි ඉදිරි සතිය තෙක් පැවතිය හැකි බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. නායයාම් ඇතිවිය හැකි ප්‍රදේශ පිළිබදව ද මේ වනවිට ජනතාව දැනුවත්කර තිබෙනවා.
අවතැන් වූ පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වනවිටත් ක්‍රියාත්මක බවයි ආබ්ඩ්ජන් නගරාධිපතිවරයා පවසන්නේ. නගරය සතු දුර්වල ජලපවාහන පද්ධතිය හේතුවෙන් කුඩා වර්ෂාවකට වුවද ගංවතුර තත්ත්වයක් ඇතිවන බවට ජනතාව චෝදනා කරනවා.
