කොවිඩ් නයින්ටීන් හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා 9,910,135 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.
සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 5,360,855ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 497,001ක් වාර්තා වනවා.
රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213 ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
වෛරස ව්‍යාප්තිය බ්‍රසීල ආර්ථිකයට සිදුකර ඇති හානිය දරාගත නොහැකි මට්ටමක පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් මේ වනවිට එරට දුගී ජනතාව වෛරසය පිළිබද නොතකමින් රැකියාවල නිරතවන බවයි වාර්තා වන්නේ.
රට වසාදැමීම හේතුවෙන් ජනතාව අන්ත දුගීභාවයට පත්ව ඇති අතර කුසගින්නෙන් හා නිවාස නොමැතිකමින් බහුතරයක් පීඩා විදිනවා. ගතවූ පැය 24 ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ බ්‍රසීලයෙන්.
